පවුල් ආරවුල් හා නිදන්ගත රෝග මූලික කරගනිමින් පසුගිය වසර දෙකක කාලය තුළදී පුද්ගලයන් 6987 දෙනෙකු සියදිවි හානි කරගෙන තිබෙන බවට පොලිස් මූලස්ථානය සිදුකළ සමීක්ෂණයකදී හෙළිවිණි.
සියදිවි හානිකරගෙන ඇති පුද්ගලයන්ගෙන් 80%ක් පිරිමි පුද්ගලයන් බවත් 20%ක් කාන්තාවන් බවටද වාර්තා වේ.
නිදන්ගත රෝග හා පවුල් ආරවුල් නිසා සියදිවි හානි කරගැනීම්වලින් සිද්ධීන් 3526ක් වාර්තා වී තිබෙන්නේ 2012 වසරේදී වන අතර, එම වසරේදී පිරිමි පුද්ගලයන් 2721 හා කාන්තාවන් 805 දෙනෙකු සියදිවි හානිකර ගෙන තිබේ.
2013 වසරේදී සියදිවි හානිකර ගැනීම් 3461 ක් වාර්තා වී තිබෙන අතර, එම පිරිසෙන් 2701 ක්ම පිරිමි පුද්ගලයන්ය.