රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අංශයේ අංශාධිපති ආචාර්ය තුසිත මෙන්ඩිස් මහතා ඇතුළු පිරිසක් කහටගස්දිගිලිය, කොක්එබේ වනාන්තර ප්‍රදේශයක සිදු කළ කැණීම්වලදී වසර 2800කට පෙර මෙරට විධිමත් ආදාහන ක්‍රමයක් පැවැති බවට සාක්ෂි හමුව තිබේ.
කහටගස්දිලිය කොක්එඹේ වනාන්තර ප්‍රදේශයේ සුසාන සංකීර්ණයක් හඳුනාගෙන ඉන් තෝරාගත් සුසාන තුනක කැණීම් ආරම්භ කර තිබිණ. එහිදී ප්රාග් ඓතිහාසික සාධක රැසක් සොයා ගත හැකිව තිබේ. එම කැණීම්වලදී වර්ග 04කට අයත් ස්මාරක 215ක් හමුවූ බව ආචාර්ය තුසිත මෙන්ඩිස් මහතා පවසයි.
“කාළ රක්ත වර්ණ මැටි මෙවලම්, වීදුරු පබළු, කානිලියන් පබළු වගේ දේවල් අපිට සොයා ගත හැකි වුණා, ඉතාමත්ම වැදගත් කාරණය තමයි නිල් සහ කොළ පැහැති වීදුරු කැබලිවලින් කර තිබෙන පබළු 90කට වැඩි ප්‍රමාණයක් මෙම සුසානවල කැණීම්වලදී හමුවූ භරණී තුළ තිබී සොයාගත්තා. එම වීදුරු පබළුවලින් අපිට පැහැදිලි වෙන්නේ ක්‍රිස්තු පූර්ව 800 වගේ කාලවලදී මධ්‍ය යාන් ඔය ප්‍රදේශයේ සිටි මිනිස්සු පබළු නිෂ්පාදනය කිරීමේ තාක්ෂණික ක්‍රියාවලිය කරන්න දැනගෙන හිටියා කියන එකයි. ඒ වගේම ඉතාමත් හොඳ සංස්කෘතික ලක්ෂණයන්ගෙන් පොහොසත් පිරිසක් මෙම අනුරාධපුරයේ ජීවත් වුණා කියන එක පැහැදිලියි. මේක විජය කතා පුවතට එහා යන ශ්‍රී ලාංකේය ජනතාවගේ අනන්‍යතාවය පිළිබිඹු කරන සංස්කෘතික ප්‍රවාහයක් කියන එක කියන්න පුළුවන්” යනුවෙන් ආචාර්ය තුසිත මෙන්ඩිස් මහතා වැඩිදුරටත් පවසයි.