2015 වසරේ චීන ආර්ථික වර්ධනය 6.9% ලෙස සටහන් වෙමින්, වසර 25ක කාලය තුළ චීන ආර්ථිකයේ පහළම ආර්ථික වර්ධන වේගය වාර්තා කර ඇත.
වර්තමානයේදී චීන ආර්ථිකයේ වර්ධනය ලෝක ආර්ථිකයේ සුක්ඛානම ලෙස සැලකෙන නිසා මෙය ලොව පුරා ආයෝජකයන් වඩාත් සැලකිල්ලක් දක්වන කරුණක් බවට පත්විය යුතුය.
මීට පෙර වසරේ 7.3% ක ආර්ථික වර්ධන වේගයක් වාර්තා කර තිබූ චීනය 2015 වසරේ දක්වා තිබූ මෙම පසුබෑම එරට නිල දත්තවලට වඩාත් දරුණු මට්ටමක තිබිය හැකි බවටද බටහිර මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර, 2016 සහ 2017 යන වසරවල චීන ආර්ථික වර්ධනය 6.3% ක් සහ 6% ක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කර තිබේ.
කෙසේ වෙතත්, චීනය මෙම වර්ධන වේගයේ පුරෝකථනය දක්වා තිබෙන්නේ 7% ක් ලෙසිනි.