1992 වසරින් පසුව නැවතත් මෙම වසරේදී පුත්තලම දිස්ත්‍රික්කයේ ගවයන්ට කුර හා මුව වසංගතය පැතිරයමින් තිබෙන බව ගව ගාල් හිමිකරුවෝ පවසති.
ගවයන්ට වැලඳී ඇති කුර හා මුව වසංගතය වහාම පාලනය කිරීමට එම රෝගය පැතිරී ඇති ප්‍රදේශවල ගවයින් වෙනත් ප්‍රදේශ වෙත රැගෙන යාමත්, මස් පිණිස සතුන් මැරීමත් නවතා දැමිමට පියවර ගැනීමට කටයුතු කරන ලෙස පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරයාට සහ ප්‍රදේශීය ලේකම්වරුන්ට දැනුම් දී ඇති බව වයඹ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂක නිමල් තිලකරත්න මහතා පැවසීය.
මෙම කුර හා මුව රෝගය පුත්තලම, ආනමඩුව, කරුවලගස්වැව, මහකුඹුක්කඩවල, වනාතවිල්ලුව යන ප්‍රාදේශීය ලේකම් ප්‍රදේශ වල පැතිරී යමින් තිබෙන බව පශු වෛද්‍ය නිලධාරීහු කියති. 1992 වසරේ ද මෙම රෝගයට ගොදුරු වු සතුන් විශාල ප්‍රමාණයක් මරණයට පත්ව ඇති බව පැවසෙයි.