වසර දහයකට වඩා එකම පාසලේ රාජකාරි කළ ජාතික පාසල් වල විදුහල්පතිවරුන්ද ළඟදීම වෙනත් පාසල් සඳහා මාරු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඊයේ (27දා) අමාත්‍යවරයා එම අදහස් දැක්වීය.
අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මකභාවය වෙනුවෙන් නොබියව නිවැරදි තීන්දු තීරණ ගැනීම සඳහා තමන් කිසි විටෙකත් පසුබට නොවන බවද අමාත්‍යවරා මෙහිදී සඳහන් කළේය.