වුනියාව පම්පමඩු ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑමට සම්බන්ධ දකුණේ ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයන් බව පැවසෙන තිදෙනෙකු ඇතුළු හයදෙනෙකු වවුනියාව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
වවුනියාව මූලස්ථාන පොලීසියේ නොවිසිඳුණු අපරාධ විමර්ශන ඒකකය ඊයේ (20දා) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
2014 අප්‍රේල් 08 වැනිදා යම්කිසි පිරිසක් විසින් ගිනිඅවි සහ ජීව අත්බෝම්බ රැගෙන ගොස් අදාළ නිවැසියන් බියගන්වා රුපියල් හය ලක්ෂයක් වටිනා රන් ආභරණ සමග රුපියල් 50,000 ක මුදල්ක් කොල්ලකා තිබුණි. මේ සම්බන්ධව දීර්ඝ කාලයක් සිදුකළ විමර්ශනවලදී වවුනියාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ මෙහෙයවීම මත ගාල්ල දික්වැල්ල ප්‍රදේශයේ නමගිය පාතාල කල්ලි සාමාජිකයන් තිදෙනෙකු වවුනියාවට පැමිණ මෙම කොල්ලය සිදුකර ඇති බව නොවිසිඳුණු අපරාධ විමර්ශන ඒකකය අනාවරණය කර ගෙන තිබුණි.