ඉන්ෆ්ලුවන්සා ඒවෛරසයෙන් වවුනියාව රෝහලට ඇතුළත් කර සිටි ගැබිනි කාන්තාවක් මියගොස් තිබේ. තවත් රෝගීන් 25 ක් හඳුනාගෙන ඇති අතර,ඒ අතර ගැබිනි කාන්තාවෝ07 දෙනෙක්ද වෙති.
ඉන්ෆ්ලුවන්සා ඒවෛරසය හේතුවෙන් වවුනියාව මහ රෝහලේ වෛද්‍යවරුන් මෙන්ම කාර්යමණ්ඩලයදදැඩි නොසන්සුන්තාවකට පත්ව තිබේ.
මුලතිව් දිස්ත්‍රික්කයේ සිට පසුගිය මැයි මස වවුනියාව මහරෝහලට ගෙන ආ ගැබිනි කාන්තාවක් ඉකුත් 01 වැනිදා උණ රෝගය වැලඳීම හේතුවෙන් මියගොස් ඇති අතර, පසුව අනාවරණය වී ඇත්තේ ඇයට ඉන්ෆ්ලුවන්සා ඒ.වෛරසය වැලඳී තිබූ බවයි.
මේ වනවිට වවුනියාව මහරෝහලේ ඉන්ෆ්ලුවන්සා ඒ.වෛරසය වැලඳුණු රෝගීන් 25කට ආසන්න ප්‍රමාණයක් සිටින අතර, ඒ අතර ගැබිනි මවුවරුන් 07 දෙනෙකුද සිටින බවත්,හෙද කාර්යමණ්ඩල නිලධාරීන් එම රෝගීන් ප්‍රතිකාර ලබන වාට්ටු වෙතට යාම ප්රතික්ෂෙප නිසා අර්බුදකාරී වාතාවරණයක්මතුව ඇති බවත්, වවුනියාව මහ රෝහල් වැඩබලන වෛද්‍ය අධිකාරී වෛද්‍ය සුදර්ශනී විග්නේශ්වරන් මහත්මිය කියා සිටියාය.