පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නිල ඇඳුම් රෙදි ලබාගැනීම සඳහා ලබාදුන් වවුචර් පත්වල ගුරු වැටුප් ගිණුම් අංකය සඳහන් කිරීම නිසා ගුරු වැටුප අර්බුදයකට ලක්විය හැකි බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.
සෑම පාසලකම ගුරු වැටුප් ගිණුමක් තිබෙන බවත්, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබාදුන් වවුචර් පත්වල ගුරු වැටුප් ගිණුම සඳහන්කර තිබීම නිසා යම් ලෙසකින් වවුචර් පත්වලට මුදල් ලබාදීම වෙනුවෙන් බැංකුවලට මුදල් බැර නොකළහොත් ගුරුවරුන්ගේ වැටුප ඊට හිලව්වීමට ඉඩ ඇති බවත් එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
මේ නිසා වහාම මෙම ගැටලුව විසඳන ලෙසට සහ රෙදි වෙනුවට වවුචර් ලබාදීමේ ක්‍රමය අහෝසි කර දමන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවද ඔහු පවසා සිටියේය.