වවුනියාව කොක්එළිය රණවිරු ගම්මානයේ සිංහල වැසියන් පිරිසකට එම ගම්මානයෙන් වහාම පිටව ලෙසට තරජනය කරමින් පුද්ගලයන් පිරිසක් විසින් පසුගියදා (29දා) අවස්ථා දෙකකදී කළ පහරදීමකට අදාළව පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු බවට සැකකෙරෙන සින්නවන් නොහොත් පාක්‍යනාදන් විශ්වනාදන් නමැත්තා ඇතුළු තවත් සැකකරුවෙකු වවුනියාව පොලීසියේ අත්අඩංගුවටගෙන අද (02දා) සවස වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.