රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා වල්ලා පට්ට තොගයක් හා කොකුම් පොතු තොගයක් නීති විරෝධී අයුරින් චීනය රැගෙන යාමට උත්සහ කළ චීන ජාතිකයෙක් කටුනායක රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද අලුයම සැකකරු චීනය බලා පිටත්ව යාමට ගුවන් තොගටුපොළට පැමිණි විට ඔහුගේ ගමන් මල්ලේ තිබී මෙම වල්ලා පට්ට තොගය හා කොකුම් පොතු තොගය සොයාගෙන තිබෙනවා.
එම තොගය රාජසන්තක කළ රේගුව සැකකරුට එරෙහිව රුපියල් 20000ක දඩයක්ද නියම කළා.