නීතිවිරෝධී ලෙස වල්ලාපට්ටා තොගයක් ළඟ තබා ගෙන සිටි විදේශිකයෙකු අද (24දා) අලුයම කොළඹ, කොටුව ප්‍ර‘දේශයේදී කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.බ්‍රිතාන්‍ය ජාතිකයෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
සැකකරු කොළඹ කොටුව ප්‍රදේශයේ හෝටලයක ලැගුම් ගෙන සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. එම අවස්ථාවේදී ඔහු සතුව තිබූ වල්ලාපට්ටා කිලෝග්‍රෑම් 23යි ග්‍රෑම් 370ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. කොටුව පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.