නුවරඑළිය අධිකරණයට ඉදිරිපත් කිරීමට අධිකරණ පරිශ්‍රයට රැගෙනවිත් තිබූ වරෙන්තුකරුවෙකු අද (24දා) බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලායමින් සිටියදී නුවරඑළිය නගරයේදී අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලීසිය පවසයි.
නඩත්තු නඩුවකට වරෙන්තු ලබා බන්ධනාගාරගතව සිටි රැඳවූවෙකු මෙලෙස පලායෑමේදී පොලීසිය විසින් ඔහු පසුපස ලුහුබැඳ ගොස් නුවරඑළිය නගරයේදී අත්අඩංගුවට ගෙන ඇත.
නුවරඑළිය අධිකරණ භූමියෙන් පලාගිය වරෙන්තුකරු නගරය මධ්‍යයේ විශාල දුරක් දුවගොස් ඇති අතර, නුවරඑළිය නගරයේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් පිරිසක් ඔහු ලුහුබැඳ අත්අඩංගුවට ගෙන තිබේ.
පසුව ඔහු යළි නුවරඑළිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබිණි.
ශාන් හුලංනුගේ