වරිපනම් නොගෙවන දේපළ වහා පවරා ගන්න
වරිපනම් නොගෙවන පුද්ගලයන්ගේ දේපළ වහාම පවරාගන්නා ලෙස පළාත් සභා සහ පළාත් පාලන අමාත්යජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා, පළාත් පාලන ආයතන ලේකම්වරුන්ට සහ කොමසාරිස්වරුන්ට උපදෙස් ලබාදී තිබේ. බදුල්ල දිස්ත්‍රික් පළාත් පාලන ආයතනයන්හි ලේකම්වරුන් සහ කොමසාරිස්වරුන් සමග අද(20දා) පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේබව කීය.
පළාත් පාලන ආයතනවල ආදායම් උත්පාදනයේ ගැටලු තියෙනවා නම් ඒවාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න. මේ මාසෙට වඩා ලබන මාසෙ ආදායම් උත්පාදනය 25% කින් වැඩිකිරීමට මම බලාපොරොත්තුවෙනවා. නිවැරදි තීන්දු තීරණ බය නැතිව ගන්න. පළාත් පාලන ආයතනවල වියදම් පියවා ගැනීම, නඩත්තු කටයුතු වැනි ප්‍රමුඛත්වය දිය යුතු කාර්යයන් කරන්න* යැයි අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මෙම සාකච්ඡාවට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි, ඌව පළාත් සභාවේ ප්රධානලේකම් ගාමිණී රාජකරුණා යන මහත්වරු සහභාගීවූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

