ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සන්නිවේදන හා මහජන සම්බන්ධතා නියොජ්‍ය ප්‍රධාන කළමනාකරු මෙන්ම ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා ද වන නලින් අපොන්සු මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කොට ඇත.
දිගින් දිගටම සිය සේවා ස්ථානයේදී එල්ල වන පීඩනය හමුවේ තම මූලික අයිතිවාසිකම් කඩවූ බව හා කඩවෙමින් පවතින බව සඳහන් කරමින් ඔහු මෙම පෙත්සම ගොනු කර ඇතැයි වාර්තා වෙයි.
2015 ඔක්තොබර් මාසයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ධම්මික රණතුංග මහතා පත්වීමෙන් පසු දිගින් දිගටම ඔහුව නිල රාජකාරිවලින් අයින් කර, ඔහුගේ කොටිඨාසයේ කණිෂ්ට නිළධාරීන් සමග රාජකාරි කටයුතු කරගෙන ගොස් තිබීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන මෙම පෙත්සම ඉදිරිපත් කොට ඇතැයි සඳහන් වෙයි.
පසුගිය ක්‍රිකට් නිලවරණයේදි ජනසතු සේවා සංගමය කිසිවෙකුට ඡන්දය නොදීමට තිරණය කර අතර එය දැන ගැනීමෙන් පසුව රණතුංග පවුලෙන් නලින් අපෝන්සු මහතාට අදාළ තීරණය වෙනස් කිරීම සඳහා බලපෑම් කර තිබෙන බවද පෙත්සමක් ගොනු කරමින් ඔවුහු පවසා තිබෙන බවත් වාර්තාවෙයි.
ක්‍රිකට් නිලවරණයෙන් සුමතිපාල පර්ශ්වය ජයගැනීමේ පසුව දිගින් දිගටමට ඔහුව රාජකාරීවලින් ඉවත්කොට ඔහුට දැඩි මානසික පීඩනයක් ලබාදුන් බවත් එම පෙත්සමේ සඳහන් බව වාර්තාවෙයි.