හම්බන්තොට වරාය බදු ලබාදුන් ආණ්ඩුව ධීවර වරාය, නීතිගත සංස්ථාවේ ප්‍රධාන කාර්යාලය ඇතුළුව ධීවර වරායන් හා නැංගුරම් පොළවල් 11ක් විකුණා දැමීමට සැලසුම් කර තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
මේ අනුව ධීවර වරාය නීතිගත සංස්ථාවේ ප්‍රධාන කාර්යාලය රුපියල් කෝටි 28කටත්, වරායවල් හා නැංගුරම් පොළවල් 10 රුපියල් කෝටි 169කටත් ලබාදීමට තක්සේරු කර තිබෙන බවද එම පක්ෂයේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේය.
මේ හරහා වර්තමාන ආණ්ඩුව රටේ ධීවර කර්මාන්තය විනාශ කර දැමීමට අවශ්‍ය කටයුතු කර තිබෙන බවද අද (12දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.