වරාය පැවරීමේ කැබිනට් පත්‍රිකාව ගෙනආවොත් අඛණ්ඩ වැඩවර්ජනයක්
හම්බන්තොට වරාය චීන සමාගමට පැවරීමට අදාළ කැබිනට් පත්‍රිකාව අද (21දා) ඉදිරිපත් කළහොත් වරාය තුළ අඛණ්ඩ වැඩවර්ජනයක් සිදුකර එය පරාජයට පත්කරන බව වරාය රැකගැනීමේ වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.
හම්බන්තොට වරාය Cm portනම් සමාගමකට පැවරීමට අදාළ කැබිනට් පත්‍රිකාව පසුගිය 14 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබූ බවද එම පෙරමුණේ සම්බන්ධීකාරක චන්ද්‍රසිරි මහගමගේ මහතා සඳහන් කළේය.
එහෙත් අමාත්‍යවරයෙකුට එම ගිවිසුම පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කිරීමට අවශ්‍ය බව ප්‍රකාශ කිරීම නිසා එදින මෙම ගැසට් පත්‍රය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකළ බවද ඔහු පවසා සිටියේය.
එහෙත් අදාළ කැබිනට් පත්‍රිකාව අද (21දා) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවට තොරතුරු වාර්තා වන්නේ යැයිද සම්බන්ධීකාරකවරයා සඳහන් කළේය.
මේ නිසා අද දිනයේදී කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළහොත් එයට එරෙහිව සිදුකරන ක්‍රියාමාර්ගය තීරණය කිරීම සඳහා අද (20දා) වරාය රැකගැනීමේ වෘත්තීය සමිති පෙරමුණේ නියෝජිතයන් රැස්වන බවද හෙතෙම පවසා සිටියේය.
	
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                