කොළඹ, වරාය පරිශ්රයේ පෞද්ගලික වැඩබිමක ඊයේ (29දා) හටගත් ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමූ බව ශ්රී ලංකා වරාය අධිකාරිය පවසයි.
එම වැඩබිමේ ගොඩගසා තිබූ භාවිතයෙන් ඉවත්කළ රබර් නළ අට්ටියක් ආශ්රිතව මෙම ගින්න ඇති වී තිබුණේ ඊයේ පස්වරු 1.30 ට පමණය. මෙම රබර් නළ මුහුදේ සිට ගොඩබිමට වැලි පොම්ප කිරීම සඳහා යොදාගත් ඒවා බවද කියයි.
මෙම ගින්න ඇති වූයේ කොළඹ වරායේ නෞකා සීමාවෙන් පිටත බවත්, ගින්න හේතුවෙන් ශ්රී ලංකා වරාය අධිකාරියේ දෛනික මෙහෙයුම්වලට හෝ කොළඹ වරායේ පර්යන්තවල දෛනික මෙහෙයුම්වලට හෝ කිසිදු බාධාවක් නොවූ බවත් කියයි.
ගින්න හේතුවෙන් කොළඹ වරායේ දේපොළවලට වූ හානියක් හෝ පුද්ගල හානියක් හෝ වාර්තා නොවන බවත්, ගින්න නිවා දැමීම සඳහා කොළඹ වරාය පරිශ්රයේ සියලු අංශ සක්රීයව ක්රියාකළ බවත් එම අධිකාරිය වැඩිදුටත් පවසයි.