වරාය නගරය නව ආරකින් ඉදිරියට
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ප්‍රමාදවීමෙන් සිදුවූ අලාභය අය කර නොගැනීමට එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන චීන සමාගම විසින් තීරණය කර ඇති බවත්, මේසම්බන්ධ පැරණි ගිවිසුම වෙනුවට ඉතා ඉක්මනින් ත්‍රෛපාර්ශ්වීය නව ගිවිසුමක් අත්සන් කරන බවත් රජය පැවසීය.
රජය වෙනුවෙන් මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය සහ ව්‍යාපෘති සමාගම අතර මෙම ගිවිසුම අත්සන් තැබීමට නියමිත අතර, මුල් ගිවිසුමට සිදුකරන සංශෝධන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කර තිබේ.
එමෙන්ම ව්‍යාපෘතිය ප්‍රමාදවීමෙන් සිදුවූ අලාභය වෙනුවට අදාළ ව්‍යාපෘති භූමියට වඩා හෙක්ටයාර දෙකක කොටසක් එම සමාගමට ලබාදීමට එකඟතාව පළ වී ඇති අතර, සියලු ඉඩම් 99 අවුරුදු බදු යටතේ ලබාදීමටද එකඟතාව පළවී ඇත.
ඒ අනුව ව්‍යාපෘතිය අත්හිටුවීම, නැවත ආරම්භ කිරීම හා ද්‍රව්‍ය අපතේ යාම යනාදී වශයෙන් එකී සමාගමට ගෙවීමට තිබූ වන්දිය ශ්‍රී ලංකා රජය විසින් ගෙවිය යුතු නොවේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

