හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපොළ වසා දමන තත්ත්වයට පත්ව ඇතැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. වීරකැටිය කසාගල පුරාණ රජමහා විහාරස්ථානයේ ඉදිකරන ලද රන්වැට විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
“ජනතාව ලොකු වෙනසක් බලාපොරොත්තු වුණා. නමුත් දිස්ත්රික්ක තුළ සංවර්ධනය සම්පුර්ණයෙන් ඇණහිටියා. ඒ විතරක් නොවෙයි වරාය, මත්තල ගුවන්තොටුපළ වහන තත්ත්වයට වැටිලා. මේ දිස්ත්රික්කයේ (හම්බන්තොට) සංවර්ධනයට වරාය විතරක් නොවෙයි චීන රජයෙන් කර්මාන්ත පුරයක් ඇතිකරන්න බලාපොරොත්තු වුණා. ඒකත් දැන් අඩපණ වෙලා තියෙනවා”