වරාය වඩුමඩුවෙන් වරාය අමාත්‍යවරයා ගෘහභාණ්ඩ සකස් කළ බවට එල්ල වන චෝදනාව වසා ගැනීම සඳහා නිලධාරීන් යොදාගෙන මාධ්‍ය සාකච්ඡා පැවැත්වුවත් අමාත්‍යවරයා භාණ්ඩ සකස් කර ගත් බවට නිලධාරියෙකු තහවුරු කර තිබෙන බව වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
සකස් කළ භාණ්ඩ සංචාරක බංගලාවලට ලබාදුන් බවට සඳහන් කළත් වසර ගණනාවකින් සංචාරක බංගලාවලට ගෘහභාණ්ඩ ලබාදී නොමැති බවද එම සන්ධානයේ සම කැඳවුම්කරු ප්‍රසන්න කළුතරගේ මහතා සඳහන් කළේය.
සංචාරක බංගලාවට සහ නිල නිවාසවලට ගෘහභාණ්ඩ ලබාදී තිබෙනවා නම් අදාළ ස්ථාන හා භාණ්ඩ භාරගත් නිලධාරීන්ගේ නම් ප්‍රසිද්ධ කරන ලෙසට අමාත්‍යවරයාට අභියෝග කරන බවද එම සන්ධාන නියෝජියෝ අද (16දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළහ.