බෙංගාල බොක්ක ප්‍රදේශයේ ඇතිවී තිබෙන කැළඹිලිකාරී ස්වභාවය හේතුවෙන් මේ මස 19 වැනිදා දක්වා වර්ෂාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එහෙත් වර්ෂාවේ ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවී යන බවත්, තද වැසි ඇතිවීම අඩු වුවද, දවස පුරා කඩින්කඩ වැසි ඇතිවිය හැකි බවද කාර්ය නියුක්ත කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය සඳහන් කළාය.
ගංගාවල ඉහළ ප්‍රදේශවලට ඇතිවී තිබූ වර්ෂා තත්ත්වය ක්‍රමයෙන් අඩුවීම හේතුවෙන් ගංගාවල ජල මට්ටම සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබෙන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
එහෙත් ඉහළ සිට පහළට ජලය ගලාගෙන ඒම හේතුවෙන් කළුගඟ, කැලණි ගඟ, නිල්වලා ගඟ, ගිංගඟ ආශ්රිත ඇතැම් පහත්බිම් ජලයෙන් යටවී තිබෙන බවත්, එහෙත් පුද්ගල පීඩාවන් වාර්තා නොවන බවද එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.