සියඹලාණ්ව හා වරකාපොළ ප්රාදේශීය සභාවේ හිටපු සභාපතිවරුන්ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් නඩු පවරා තිබේ. 2011 වසරේ සිට 2015 වසර දක්වා සිය වත්කම් හා බැරකම් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් මෙසේ නඩු පවරා ඇත්තේ සියඹලාණ්ඩුව හිටපු ප්රාදේශීය සභා සභාපති සමන් වරුණකුලසූරිය හා වරකාපොළ ප්රා දේශීය සභාවේ හිටපු සභාපති කීර්තිසිරි විජේතුංග යන අයට එරෙහිවයි. කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේ මෙම නඩු ගොනු කර තිබේ.