වරකාපොල දිසා රෝහලේ 4 වැනි මහලෙන් බිමට පැන එහි නේවාසිකව ප්රතිකාර ලබමින් සිටි රෝගියෙකු සියදිවි හානි කරගෙන තිබේ.
අවුරුදු 34ක් වන තාඹුගල පදිංචිව සිටි තරුණයෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත. ඔහු අම්ලපිත්ත රෝගය හේතුවෙන් රෝහල් ගතව ප්රතිකාර ලබා ඇත.
එය උත්සන්න වීම හේතුවෙන් රෝගියා මෙසේ සියදිවි හානි කරගන්නට ඇතැයි සැක පළකරයි.