සියලූම වයෝවෘද්ධ පූජ්‍ය පක්ෂය වෙත නව රක්ෂණාවරණයක් ලබාදීම පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අවධානය වී තිබේ.
ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය අද (12දා) පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේදී ඉදිරිපත් කෙරුණු යෝජනාවක් අනුව ජනාධිපතිවරයා මේ පිළිබඳ අදාළ නිලධාරින්ට උපදෙස් ලබාදී ඇත.
ධර්මාචාර්ය විභාගය සමත්වූවන්ට පත්වීම් ලබාදීම සහ බෞද්ධාගම පිළිබඳ උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා මෙරටට පැමිණෙන විදේශීය භික්ෂූන් වහන්සේලා වෙත සහන ලබාදීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබේ.
ජාතික සංහිදියාව ප්‍රවර්ධනය වන ආකාරයෙන් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලිමට ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලයේ භික්ෂුන් වහන්සේලා ප්රමුඛ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇත.
දැනට විහාරස්ථාන ආශ්‍රිතව පවතින පෞරාණික පුස්කොල පොත් සංරක්ෂණය වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳවද අවධානය යොමු වී තිබේ.
මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක ස්වාමීන්වහන්සේ, මහාචාර්ය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමීන් වහන්සේ, ආචාර්ය පූජ්‍ය අකුරැටියේ නන්ද ස්වාමීන් වහන්සේ ඇතුඑ ජාතික බුද්ධ මණ්ඩලය නියෝජනය කරන මහා සංඝරත්නය ද බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රප්‍රේම ගමගේ මහතා ඇතුථ නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.