දින හයක තායිලන්ත සංචාරය නිමකළ වයඹ පළාත් සභා මන්ත්රීවරුන් ලක්ෂ ගණනක් වියදම් කර සීගිරිය ප්රදේශයේ සංචාරක හෝටලයක දින දෙකක වැඩමුළුවක් සඳහා අද (26දා) සහභාගි වූ බව එම පළාත් සභාවේ ඉහල නිලධාරීහු පවසති.
මෙසේ සහභාගි වූ පළාත් සභා මන්ත්රීවරුන් සඳහා 2013 වසරේදීද මෙවැනිම විශාල මුදලක් වියදම් කරමින් පුහුණුව ලබාදී ඇති බවද ඔවුහු සඳහන් කරති. දෙසැම්බර් 31 වැනි දිනට ප්රථම මහා භාණ්ඩාගාරයට යැවිය යුතු මුදල් මන්ත්රීවරුන් මෙසේ වියදම් කරමින් නාස්ති කරන බවද එම නිලධාරීහු පවසති.
කුරුණෑගල - ජනූර් කිචිලාන්