ජනාධිපතිවරණයට ප්‍රථමව මහමැතිවරණයක් පවත්වන ලෙස වමේ පක්ෂ සන්ධානය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලීමක් කර ඇත.
කොමියුනිස්ට් පක්ෂය, ලංකා ප්රජාතන්ත්රවාදී සමසමාජ පක්ෂය හා වාමාංශික පක්ෂය රජයේ පාර්ශ්වකරුවන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව වෙත ලිපියක් නිකුත්කරමින් මේ බව පවසා ඇත.
ප්රජාතන්ත්රවාදී වාමාංශික පක්ෂයේ නායක අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම ඉතා උචිත බවයි.
ඒ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තුළ සාකච්ඡාකොට තීරණය කරන ලෙස එකී පක්ෂ ලිපියක් මගින් ඉල්ලීමක් කර ඇත.