උතුරු නැගෙනහිර වනෝද්‍යාන හා රක්ෂිත එළිපෙහෙළි කිරීම හා ඒවායේ අනවසර පදිංචි කිරීම් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කර තිබේ.
එහි ප්‍රධානත්වය ජනාධිපති අතිරේක ලේකම් කිංස්ලි ප්‍රනාන්දු මහතා දරන්න අතර ඉඩම් සහ පරිසර අමාත්‍යංශවල ලේකම්වරුන් මෙන්ම වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ද කමිටුවට ඇතුළත් වේ. එමගින් උතුරු හා නැගෙනහිර පළාත් වල සිදුකර ඇති වන විනාශයන් මෙන්ම ඊට වගකිව යුතු නිලධාරීන් හා පාර්ශව පිළිබඳව ද විමර්ශනයට නියමිත ය