වවුනියාව රාමනූර් පුලියන්කුලම් ප්‍රදේශයේ හොර රහසේ ඇද තිබූ විදුලි රැහනක පැටලී විදුලි සැර වැදීමෙන් දැවැන්ත වන අලියෙකු මියගොස් ඇති බව වවුනියාව වනජීවී කාර්යාලයේ නිලධාරීහු පවසති.
රාමනූර් පුලියන්කුලම් ප්‍රදේශයේ පිහිටි නිවසකට නීතිවිරෝධී අයුරින් හොර රහසේ විදුලිය ලබාගෙන තිබූ අතර, එම විදුලි රැහැන් නොපෙනන අයුරින් ඇද තිබීම හේතුවෙන් මෙම වන අලියා එම විදුලි රැහැනේ පැටලී ඇතැයි ඔවුහු පෙන්වා දෙති.
මේ අනුව ඊයේ (01දා) වවුනියාව වනජීවී නිලධාරී එම්.ඩී.එල්. ලයනල් මහතා සහ වනජීවී පශු වෛද්‍ය නිලධාරී ගිරිදලන් මහතා ඇතුළු වනජීවී නිලධාරීන් වන අලියා මිය ගිය ස්ථානයට ගොස් වන අලියාගේ මරණ පරීක්ෂණ සහ අවසන් කටයුතු සිදුකොට ඇත.