2008 වසරේදී වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට පහරදීමට පැමිණි කොටි සංවිධානයේ සාමාජිකයන් විසින් පලායන විටදී අසල ළිඳකට දමා ගිය ආයුධ රැසක් අවස්ථා දෙකකදී ගොඩගත් බව වවුනියාව පොලීසිය පැවසීය.
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය අසල පිහිටි ඉඩමක සාමන්ය වැසියෙකු විසින් වසර ගණනාවකට පසුව සිය ගෙවත්ත එළිපෙහෙළි කිරීමේදී ගෙවත්තේ ළිඳේ වතුර ඉවත් කළ අවස්ථාවේදී පසුගියදා (14දා) ආයුධ කිහිපයක් පළමුව හමුවී ඇති අතර, පසුව ඒ බව වවුනියාව පොලීසියට දැනුම්දීමෙන් පසුව අධිකරණ නියෝගයකින් වවුනියාව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් පෙරේදා (15දා) දෙවන වරටත් ආයුධ රැසක් ළිඳ තුළ තිබියදී සොයාගෙන තිබේ.