ආදායම් මාර්ග වැඩිකිරීමේ අරමුණක් ලෙස අපනයනය සඳහා මල් වගාව ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් ශ්‍රීලංකා වනජීවී භාරය ආරම්භකළ බවත්,එහි පළමු තොගය හෙට(29දා) ජපානයට අපනයනය කරන බවත් ශ්‍රීලංකා වනජීවී භාරයෙහි අධ්යක්ෂ සී.සී. හිදැල්ලආරච්චි මහතා %අද^ ට පැවසීය.
අපනයනය සඳහා මල් වගාව සිදුකළ රටවල් අතර ශ්‍රීලංකාව අතීතයේ හයවැනි ස්ථානයේ පසුවුවද මේවනවිට එය හැටවැනි ස්ථානයතෙක් පහළ බැස ඇති බැවින් නැවත මුල් ඉලක්කය කරායාමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය මගින් ආරම්භකළ බවද හිදැල්ල ආරච්චි මහතා ප්‍රකාශකළේය.
කෙසේවෙතත් මල් අපනයනයෙන් ලංකාව මේවනවිට වර්ෂයකට උපයන ආදායම ඩොලර් මිලියන 13 දක්වා අඩුවී ඇති බැවින් මේවර්ෂයේ සිට එම ආදායම ඉහළ නැංවීමට කටයුතු කරන අතර, ඒහරහා ස්වයං රැකියාවක් ලෙස මල් වගා කරන පුද්ගලයන්ගේ ආර්ථිකයද ශක්තිමත් කරන බව හෙතෙම කීය.
&මල් සකසා වෙළෙඳ පොළ නැති අයට වෙළඳ පොළ හදලාදෙන්න අපි සූදානම්. මල් වගේම කොළ අතු අපනයනයත් අපි සිදුකරන්නේ හියුජී අන්තර්ජාතික සමාගම සමග ඒකාබද්ධවෙලා. ගම්මානවල කාන්තාවන් දිරිගැන්වීම සහ අපනයන අදායම වැඩිකිරීමේ අරමුණින් අපි මේ ආරම්භකරපු වැඩසටහනට උනන්දුවක් දක්වන පුද්ගලයන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. එමෙන්ම මල් නිෂ්පාදනයට අයත් තාක්ෂණික පහසුකම් පිළිබඳවද දැනුවත් කිරීමට කටයුතු කරන අතර, ජනතාවට තිරසාර ආර්ථිකයක් ලබාදීමට තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය සමග එක්ව වනජීවී භාරය මෙය සිදුකරනවා* යනුවෙන්දහිදැල්ලආරච්චි මහතා වැඩිදුරටත් කීය.