වන උද්‍යානවල සිදුවන නීතිවිරෝධී ක්‍රියා සොයාබැලීමට පසුගියදා මැලේසියාවෙන් වනජීවී අමාත්‍යාංශය ගෙන්වන ලද නියමුවන් රහිත දුරස්ථ පාලක සැහැල්ලු ගුවන් යානය (කේලමා) පාලන නිලධාරීන්ගෙන් මිදී යාල වනෝද්‍යානයේ කලාප අංක තුන ප්‍රදේශයේදී අතුරුදන්ව ඇති බව වනජීවී සම්පත් සංවර්ධන අමාත්‍ය ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතා පැවසීය.
මෙම යානාවෙන් උඩවලව ජාතික වනෝද්‍යානය තුළදී සිදුකරන ලද සමීක්ෂණ කටයුතු සාර්ථක වී ඇති අතර, ඉන් පසු ලුණුගම් වෙහෙර ජාතික වනෝද්‍යානය තුළදී කරන ලද පරීක්ෂණ මෙහෙයුමකදී යානය මෙසේ පාලනයෙන් මිදී ගොස් ඇත.