පවතින දේශපාලන සංස්කෘතිය සම්බන්ධයෙන් තමන් වහන්සේ තුළ පවතින කනගාටුව හේතුවෙන් වනගතවීමට පවා සිතෙන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කළහ.
උන්වහන්සේ මෙම අදහස් පළකළේ ජාතික පරිසර සංවිධාන එකමුතුවේ පොදුජන පරිසර සම්මුතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් අද (15දා) පෙරවරුවේ කොළඹ මහවැලි කේන්ද්‍ර‘යේදීය. පරිසර හිතකාමී ස්ථාවරයක හිඳිමින් සංවර්ධන ක්‍රියාදාමයක් දියත් කිරීමට සන්ධාන නායකයන් අසමත් වූ බවද උන්වහන්සේ මෙහිදී පැවසූහ.