අලි මිනිස් ගැටුම හේතුවෙන් සිදුවන හානි අවම කරගැනීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් 1992 නමින් පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි දුරකථන අංකයක් අද (29දා) සවස හඳුන්වා දුන්නේය.
යම් ගමකට වනඅලි පැමිණි අවස්ථාවලදී, විදුලි වැට අක්‍රිය වී ඇති අවස්ථාවලදී සහ අලි පහරදීම් සිදුවන අවස්ථාවලදී මෙම ක්ෂණික අංකයට පණිවුඩයක් ලබාදීමෙන් වනජීවී නිලධාරීන්ට මැදහත්වී විසඳුම් ලබාදීමේ හැකියාව ලැබේ.
කොළඹ පිහිටි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ දුරකථන පණිවුඩය ලද විට අලිගම් වැදුණු ප්‍රදේශයේ ප්‍රාදේශීය කාර්යාලය සම්බන්ධ කර නිලධාරීන් යෙදවීම සිදුවෙයි.
නව දුරකථන අංකය හඳුන්වාදීමේ අවස්ථාවට තිරසාර සංවර්ධනය සහ වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.