නියමුවන් රහිත සැහැල්ලු ගුවන් යානා (කේලමුන්) යොදාගෙන වනෝද්‍යානවල සිදුවන නීති විරෝධී ක්‍රියා සොයාබැලීමට වනජීවී අමාත්‍යාංශය විසින් නව වැඩසටහනක් ආරම්භ කළ බව වනජීවී සම්පත් සංවර්ධන අමාත්‍ය ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතා පැවසීය.
සිංගප්පූරු රජයෙන් ගෙන්වන ලද නියමුවන් රහිත සැහැල්ලු ගුවන් යානාවක් පෙරේදා(22දා) උඩවලව ජාතික වනෝද්‍යානයේදී පළමුවරට ගුවන්ගත කර වනාන්තරය නිරීක්ෂණය කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
ගුවන් යානයේ සවිකර තිබෙන දර්ශන පටිගත කිරීමේ යන්ත්‍රය මගින් පටිගතවන දර්ශන එම අවස්ථාවේදීම පරිගණකයක් මගින් දැකබලා ගැනීමට මෙයින් අවස්ථාව ලැබේ.