වදහිංසාව සමාජය නැති කිරීමට හොඳ ක්‍රමයක් මිස සමාජය ගොඩනැගීමට කිසිසේත්ම නොගැළපෙන ක්‍රමයක් බව මානසික සෞඛ්‍ය පිළිබඳ ජාතික ආයතනයේ මනෝ වෛද්‍ය විශේෂඥ එම්. ගනේෂන්මහතා පැවසීය.
යම් පුද්ගලයෙකු වදහිංසාවට ලක්කිරීම හේතුවෙන් බොහෝ දුරට ඇත්ත සිදුවීම දැනගැනීමේ අවස්ථා ගිලිහී යන අතර, වදහිංසාව යනු පුද්ගලයකු හෝ සමාජය යටපත් කරන ක්‍රමයක් බවද හෙතෙම පැහැදිලි කළේය.
වදහිංසාවට ලක්වූ පුද්ගලයන්ට වසර ගණනාවක් ප්‍රතිකාර කළද ඔවුන්සම්පූර්ණයෙන්ම සුවකරගැනීමට නොහැකිවන අතර, ඔවුන්ට සාමාන්‍ය ජීවිතයට පැමිණීමට අපහසු බවත්,වදහිංසාවට ලක්වූ පුද්ගලයන්මෙන්ම වදහිංසාව සිදුකරන පුද්ගලයන්ද දැඩි පීඩනයකින් පසුවන බවත්ඒ මහතා කීය.
වදහිංසාව තුරන් කිරීමට මුළුමහත් සමාජයම එකතුවියයුතු අතර, ඒසඳහා ආණ්ඩුව, පොලීසිය සහ රාජ්‍ය පාලකයන් වැඩි දායකත්වයක් දැක්විය යුතු බවදඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ශ්‍රීලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් පැවැත්වූ වදහිංසාවට තිත නම් වූ වැඩසටහනට සහභාගි වෙමින් ගනේෂන් මහතා මේබව කීය.