නව රජය වැඩිකළ වැටුප් වර්ධකය වන රුපියල් 2500 මුදල තෛයිපොංගල් උත්සවයට පෙර වතු කම්කරැවන්ට ලබා නොදීම සම්බන්ධයෙන් මාතලේ වතු කම්කරැවෝ දසදහසක් නුදුරේදීම විරෝධතාවයක් සංවිධානය කරන බව බැව එක්සත් ලංකා කම්කරැ සංගමය පවසයි.
වතු ආශ්රිත ද්‍රවිඩ ජනතාව ගැටලු විසඳාගත නොහැකිව සිටින බවත් රත්තොට,මිල්ලවන,නාලන්ද,ඇල්කඩුව ආදී වතු ආශ්රිත කම්කරැ පවුල් විසිදහසක් පමණ මේ වන විට ආර්ථික සාමාජිය වශයෙන් බරපතල ගැටලු රැසකට මුහුණ දී ඇති බවත් සංගමය නිකුත් කළ නිවේදනයේ වෙයි.
නාඋල - ඉන්දික රැවන් කුමාර