දෛනික වැටුප වැඩි කරන ලෙස ඉල්ලා වතුකම්කරුවන් ආරම්භ කර ඇති විරෝධතාවලට සහය පළකරන බවත් ඔවුන් පවත්වන දැවැන්ත උද්ඝෝෂණයට එක්වන බවත් අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.
ඒඅනුව ලබන 6 වැනිදා තලවකැලේ දී එම උද්ඝෝෂණය පවත්වන අතර දමිළ ප්‍රගතශීලි සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ හා වතුකම්කරු මහජන නියෝජිතයන් මෙයට සහභාගීවන බව තහවුරු කළේය.
වතුකම්කරුවන්ගේ වැටුප් වැඩිකරන තුරු එම සටන අත්නොහරින බවද මොවුන් ප්‍රකාශකළහ.