රජය සතු වතු දියුණු කිරීම යටතේ ඛාණ්ඩ 04කට බෙදා වතු පවත්වාගෙන යෑමට කටයුතු කරන බව ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කරයි.
මේ යටතේ දැනට ලාභ ලබන වතු A, B වශයෙන් ඛාණ්ඩ කර වතු සමාගම් විසින් පාලනය කිරීමට කටයුතු කරන බවද හෙතෙම පවසා සිටියේය.
දැනට ලාභ නොලබන වතු ඛාණ්ඩය යටතට ගෙන බාහිර ගොවීන්ට හා එහි සේවකයන්ට ලබාදී දියුණු කිරීමට කටයුතු කරන බවත්, ආදායමක් නොලබන හා වගා නොකළ මුඩුබිම් සහිත වතු ආයෝජකයන්ට ලබාදී දියුණු කරන බවත් පැවසූ අමාත්‍යවරයා, කිසිදු වත්තක් විකුණා දැමීමට කටයුතු නොකරන බවද පවසා සිටියේය.