දීපවාලි උත්සවයට රුපියල් 6500 ක දීමනාවක් ලබාගත් සියලුම වතු කම්කරුවන්ට තවත් රුපියල් 3500 ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ.
කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පී. දිගම්බරම් මහතාගේ ඉල්ලීමකට අනුව රුපියල් 6500 ක දීමනාව හිමිකර ගත් සියලුම වතු කම්කරුවන්ට ප්‍රා‘දේශීය වතු සමාගම් හරහා මෙසේ තවත් රුපියල් 3500 ක් ලබාදීමට තීරණය කර ඇත.
දීපවාලි උත්සවය වෙනුවෙන් පසුගිය 10 වැනි දින වතු කම්කරුවන්ට රුපියල් 6500 ක දීමනාවක් ලබාදී තිබේ.