වතු වෘත්තීය සමිති සහ හාම්පුතුන් අතර අද පැවති සාකච්ඡාවේදී වතු කම්කරු වැටුප් වැඩි කිරීම සම්බන්ධව අවසන් එකඟතාවයකට පැමිණීමට හැකි වූ බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න පැවසීය.
අද (18දා) පස්වරුවේ සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳ අමාත්‍යංශයේ පැවති මෙම සාකච්ඡාවේදී වතු කම්කරු වැටුප රුපියල් 730 දක්වා වැඩි කිරීමටත්, වසරකට දින 300ක වැඩ කම්කරුවන්ට ලබා දීමටත් දෙපාර්ශවය අතර එකඟතාවයකට පැමිණ තිබේ.
ඒ අනුව 2016 ඔක්තෝම්බර් මස 15 වන දින සිට වසර දෙකක කාලයකට වතු කම්කරු වැටුප් සම්බන්ධව සාමුහික ගිවිසුමට අත්සන් තැබීමට දෙපාර්ශවයට හැකි විය.