හපුතලේ ඉඳල්ගස්හින්න පහළ කොටසේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට එල්ලවූ බඹර ප්රහාරයකින් බරපතළ තුවාල ලැබූ කාන්තාවන් 09 දෙනෙකු හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දියතලාව මූලික රෝහලට මාරු කළ බව හපුතලේ පොලීසිය පවසයි.
බඹර ප්රෝහාරය නිසා තුවාල ලබා සිටි කාන්තාවන් පිරිස ඉඳල්ගස්හින්න වත්තේ ලොරි රථයකින් හල්දුම්මුල්ල දිසා රෝහලට ගෙනඒමට අසල්වාසීහු කටයුතු කළහ.
වතු යායේ ගසක තිබූ බඹර වදයක් ඇවිස්සීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි වතුකම්කරු පිරිස් පවසති.
සිද්ධිය සම්බන්ධයෙන් හපුතලේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
හල්දුම්මුල්ල - එස්.පී.නානායක්කාර