දැරණියගල නූරි වතුයායේ වතු අධිකාරී එන්.ඒ. නිහාල් පෙරේරා මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති නියෝග ලැබී නොමැති හෙයින් නීතිපති නියෝග ලැබෙනතුරු දැරණියගල ප්රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා ඇතුළු සැකකරුවන් 23 දෙනා ලබන 27 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස අවිස්සාවේල්ල ප්රධාන මහේස්ත්රාත් හා අතිරේක දිසා විනිසුරු ඩී.එච්. අනුෂ්ක සෙනෙවිරත්න මහතා ඊයේ (13දා) නියෝග කළේය.
මෙම නඩුව ඊයේ (13දා) අවිස්සාවේල්ල මහේස්ත්රාත් අධිකරණයේදී කැඳවනු ලැබීය. පසුගිය වසරේ ජූලි මස පස්වැනිදා මෙම ඝාතනය සිදුවිය.
මීරිගම කාන්ති