ශ්‍රී ලාංකිකයන් ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවට ඉදිරියේදී ක්‍රීඩා ලෝලීන්ට බැලීමට සිදුවන්නේ කැසිනෝ, අශ්ව රේස් සහ මහ බැංකු මංකොල්ල වගේ ක්‍රීඩා බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා අද (30දා) ගාල්ලේ ජනහමුවක් අමතමින් පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“මේ රටම ආදරය කර ක්‍රීඩාව අද වලපල්ලට යවලා. පසුගිය කාලේ ඕස්ට්‍රේලියා සංචාරයේ ටෙස්ට් තරග තුනක් දිනුවාම අගමැති රනිල් වික්‍රමසිංහ කිව්වා ක්‍රීඩාවෙන් දේශපාලනය අයින් කළා. ඒ නිසා දිනනවා කියලා ඒ කිව්ව දවසේ ඉදලා පරදිනවා.
අද මේ ආණ්ඩුව ජනතාව ක්‍රීඩාවෙන් ඉවත් වෙන තැනට කටුයුතු කරලා. හිටපු නායකයෙකු සහ අමාත්‍යවරයෙකු වන අර්ජුන පවා කියලා තිබෙනවා මේ ක්‍රිකට් නැතිවීමට මේ රජය වගකිව යුතුයි කියලා.
ලංකාවේ මිනිස්සුන්ගේ ඉවසීමේ සීමාව ඉක්ම ගිය අවස්ථාවක් පසුගිය දවසක වුණා. ඇත්තටම මේ ජනතාව විරෝධය දැක්වූයේ මේ රජයට සහ පාලකයන්ට. එදා ලෝක කුසලාන අවසන් තරග දක්වා යන කණ්ඩායම. ලෝක කුසලාන දිනන අපේ ක්‍රිකට් කණ්ඩායම. අද වනවිට ටෙස්ට් වරම් නොමැති රටක් සමග තරගයක් දිනන එකත් ලොකු දෙයක් බවට පත්වෙලා. පත්වෙලාම නොවෙයි මේ රජය පත්කරලා.
දැන් මේ ලෝකයක් දිනපු, ලෝකය අපි ගැන දැනගනිපු, ක්‍රීඩාව ඉවර කරලා. දැන් ඉතිං අපේ රටේ මිනිස්සුන්ට කැසිනෝ, සහ අශ්ව රේස් තමයි බලන්න වෙන්නේ” යනුවෙන් සඳහන් කර සිටියේය.
හිනිදුම - රවීන්ද්‍ර ශ්‍රීලාල්