කොළඹ නගරයේ වටිනා ඉඩම් විශාල වශයෙන් කි‍්‍රකට් ක්‍රීඩාංගණ සඳහා ලබාදීමටත්, පහසුකම් සැපයීමට විශාල මුදලක් වැය කර තිබෙන බවත් බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
එසේම ශ්‍රී ලංකාව ලබාගත් එකම ලෝක කුසලානය (පන්දුවාර 50) කි‍්‍රකට් වුවත්, එමගින් අනෙක් සියලු ක්‍රීඩාවන් කෙරෙහි සැලකිල්ලක් නොදක්වා අතහැර දැමීම කනගාටුවට කරුණක් බවත් ඔහු සඳහන් කළේය.
“මලල ක්‍රීඩා ක්ෂේත්‍රයත්, පාපන්දු, දැල්පන්දු, අත්පන්දු ආදී සෑම ක්‍රීඩාවකින්ම රට ඉදිරියට ගත යුතුයි. කි‍්‍රකට් වලට තිබෙන අනවශ්‍ය උනන්දුව, උන්මාදය අනෙක් ක්ෂේත්රවලට ගමන් කිරීම මගින් අඩුම තරමින් ආසියානු මට්ටමේ හෝ ජයග්‍රහණ ලබාගත හැකියි.
ක්‍රිකට් ක්‍රීඩාවට කරන ආයෝජන අනෙකුත් ක්‍රීඩාවලට ලබා දිය යුතුයි. භූගෝලීය පිහිටීමත් සමග ලංකාවේ ක්‍රීඩාංගණ සකස් කළහොත් අන්තර්ජාතික තරග, අයි.ඒ.එෆ්. තරග ලංකාවට ගෙන ආ හැකියි.”