වටවල දුම්රිය ස්ථානයට ආසන්න 168 වැනි දුම්රිය සැතපුම් කණුව ආසන්නයේ මේ වනවිට ගින්නක් හටගෙන තිබේ.
අද සවස 4.00 ට පමණ වටවල රක්ෂිතයේදී මෙම ගින්න ඇතිව තිබෙන අතර, එම ගින්නෙන් මේ වනවිට රක්ෂිතයේ අක්කර 20 ක් පමණ විනාශ වී තිබේ. දුම්රිය මාර්ගය ආසන්නයටද ගින්න පැතිරෙමින් තිබෙන අතර එය ගිනිගත්හේන ප්රදේශයටද පැතිර යමින් තිබේ.