පොලීසිය නොමග යවන ආකාරයේ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ චෝදනාව යටතේ පොලිස් අත්අඩංගුවට ගත් වටරැක විජිත හිමියන් එළඹෙන 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
උන්වහන්සේ අද (25දා) කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. පානදුර ප්රධාන මහේස්ත්රාත් රුචිර වැලිවත්ත මහතා විජිත හිමියන් එළඹෙන 2 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.