වටරැක විජිත හිමියන්ට බුද්ධ පුත්‍රයෙක් වශයෙන් වගකීම් සහගතව කටයුතු කරන ලෙස පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා අවවාද කළේය.
පොලීසියට අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ චෝදනා යටතේ අද (7දා) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට දෙවැනි වරට ඉදිරිපත් වූ වටරැක විජිත හිමියන් රුපියල් 10000ක මුදල් ඇප හා රුපියල් 50000ක ශරීර ඇප දෙකක් යටතේ ඇප මත නිදහස් කොට සැප්තැම්බර් මස 1දාට නඩුව නැවත කැඳවීමට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කෙරිණි.