බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් තමන්ට තර්ජනය කළ බවට වටරැක විජිත හිමියන් විසින් කොළඹ කොටුව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව ප්‍රකාශයක් ලබාදීමට ඥාණසාර හිමියන්ට කොටුව පොලීසියට පැමිණෙන ලෙස දන්වා සිටියත් උන්වහන්සේ විදෙස්ගතව ඇති හෙයින් ඒ සඳහා එක්විය නොහැකි බව මාගල්කන්දේ සුදන්ත හිමියො පැවැසූය.
රජගිරියේදී අද (15දා) පැවැති මාධ්‍ය හමුවකදී සුදන්ත හිමියන් මේ බව පැවැසූහ. වටරැක විජිත හිමියන්ට ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී තර්ජනය කළ බව සඳහන් කරමින් උන්වහන්සේ මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.