වකුගඩු රෝගයට බලපා ඇති හේතු සෙවීමට ශ්‍රී ලංකාව සහ චීනය අතර ගිවිසුමක් අත්සන්කර තිබේ. චීන විද්‍යා පර්යේෂණ ආයතනය සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය එම ගිවිසුමට එළැඹුනු අතර, ලක් රජය වෙනුවෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහ චීන විද්‍යා පරීක්ෂණ ආයතනය වෙනුවෙන් සභාපතිවරයා ඊට අත්සන් තබන ලදි.
වකුගඩු රෝගය සදහා පදනම් වන නිශ්චිත රෝගකාරක සෙවීම, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ හැකියාවන් ප්‍රවර්ධනය කිරිම සදහා ද්විපාර්ශ්වික ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, වකුගඩු රෝගය ප්‍රාථමික අවධියේ දී හදුනා ගැනීම සදහා පර්යේෂණ උපකරණ ලබාදීම, නවීන ලෝකයට ගැලපෙන පරිදි වකුගඩු රෝගීන්ගේ දත්ත යාවත්කාලීන කිරිම යනාදිය මෙම අවබෝධතා ගිවිසුමේ මූලික පරමාර්ථ වේ.
මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු එම ගිවිසුම හුවමාරු කරගන්නා ගන්නා ලද අතර, මෙම වැඩපිළිවෙල පිළිබදව සොයා බැලීම සදහා චීන නියෝජිත කණ්ඩායමක් ලබන දෙසැම්බර් මාසයේ දී ශ්‍රි ලංකාවට පැමිණීමට ද නියමිතය.
වකුගඩු රෝගයට බලපා ඇති හේතු සෙවීම සහ එය නිවාරණය කිරීමේ විසඳුම් සෙවීම සදහා චීන රජය විසින් ලක් රජයට සහාය දැක්වීමට පොරොන්දු වූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ ජාතික ව්‍යසනයක් වන වකුගඩු රෝගය දිස්ත්‍රීක්ක 12 ක් පුරා ව්‍යාප්තව ඇති අතර වකුගඩු රෝගයෙන් දැඩි පීඩාවට පත්ව සිටින්නේ උතුරුමැද පළාතේ ජනතාවය.
මෙම නිසා මනුෂ්‍ය ජීවිත අහිමි වීම් මෙන්ම ජනතාවගේ කාර්යක්ෂමතාවය ද අඩුවෙමින් පවතියි. සමාජයට ද අගතියක් සිදුවන අතර, වකුගඩු රෝගයට බලපා ඇති හේතුකාරකයන් සොයා ගැනිම සදහා රජය මෙන්ම වෙනත් සංවිධාන ද විශාල පරිශ්‍රමයක් දරමින් සිටියි.