වකුගඩු රෝගය මර්දනය කිරීමට බව පවසමින් රජය රුපියල් මිලියන ගණනක් වියදම් කරනු ලැබූවත්, අවදානම් තත්ත්වයේ තිබෙන ප්‍ර‘දේශවල ජනතාව පරීක්ෂාවට ලක්කර ඔවුන් මෙම රෝගයෙන් ගලවා ගැනීමට කටයුතු නොකරන බවද පවසා සිටියේය.
මේ නිසා මිනිසුන් නොදැනුවත්වම රෝගීන් බවට පත්වෙමින් තිබෙන බවත්, තම පර්යේෂණ කණ්ඩායම් සිදුකළ පර්යේෂණවලට අනුව ප්‍ර‘දේශ 12කින් රෝගීන් වාර්තා වෙමින් තිබෙන බවත් වෛද්‍ය චන්න ජයසුමන මහතා කියා සිටියේය.
මේ අනුව එප්පාවල, මරදන්කඩවල, තිරප්පනේ, තලාව, තඹුත්තේගම, රාජාංගණය, දඹුල්ල, දේවහූව, ගලේවෙල, හෙට්ටිපොළ, කුලියාපිටිය, පොල්පිතිගම ප්‍රදේශවලින් රෝගීන් වාර්තා වන බවත්, තවමත් කොතරම් රෝගීන් සිටිනවාද යන්න සොයා ගැනීමට නොහැකි වී තිබෙන බවද සඳහන් කළේය.
රජයක් වශයෙන් වකුගඩු රෝග මර්දනය සඳහා අතිවිශාල මුදලක් වියදම් කළත්, 2012 වසරින් පසු නිවැරදි දත්ත එකතුවක්වත් ලබාගැනීමට කටයුතු කර නොමැති බවද මහාචාර්යවරයා කියා සිටියේය.